බලශක්ති කළමනාකරණ පද්ධති මගින් කාර්යයන් හඳුනාගැනීම, සැලසුම්කරණය සහ ක්‍රියාත්මකකිරීම පහසු කරයි. එහි වාණිජ, කාර්මික සහ ගෘහස්ත ක්‍ෂෙත්‍රයන්ට තම බලශක්ති ඉලක්කයන්ට ළඟාවීමට අවශ්‍ය ප්‍රයෝගික පද්ධති සහ පටිපාටීන් ද අන්තර්ගත වේ.

ආයතනයකට එක් බලශක්ති කළමනාකරණ සැලැස්මක් ප්‍රමාණවත් වුවත්, විවිධ ව්‍යාපාර ඒකක හා සංස්ථාගත වීමෙන් තම තමුන්ගේ බලශක්ති කළමනාකරණ මෙහෙයුම් පද්ධති ක්‍රියාවට නැංවීම පහසුවෙයි.

ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වෙන ව්‍යාපාර / කර්මාන්ත හෝ බලශක්ති කළමනාකරණය අනෙකුත් ව්‍යාපාර පද්ධති හා පෙළගස්වන්නට උනන්දු ව්‍යාපාරවලට හෝ කර්මාන්තවලට ISO50001 ප්‍රමිතිය තමන්ගේ බලශක්ති කළමනාකරණ පද්ධතියේ පදනම ලෙස තබාගැනීම ඉතාමත් ප්‍රයෝජනවත්ය.

 

ශක්තිමත් බලශක්ති කළමනාකරණ පද්ධතියක මූලික ලක්ෂණ

  • කැපවුණු නායකත්වය.
  • බලශක්ති කළමනාකරණය හුදු ව්‍යාපාරයේ තවත් එකක් ලෙස නොව එය සමස්ත හර පද්ධතියක් ලෙස ව්‍යාපාරයට බද්ධ ව තබා ගැනීම.
  • ආයතනයේ / ක්‍ෂෙත්‍රයේ / කර්මාන්තයේ බලශක්ති භාවිතය පිළිබඳව පැහැදිලි ඉලක්ක තබාගනිමින් මූලික තත්ත්වයන් ගැන නිසි අවබෝධයක් ලබා ගැනීම.
  • බලශක්ති කළමනාකරණය අඛණ්ඩව ව්‍යාපාරයේ දියුණුවේ කොටසක් ලෙස සැලකීම
  • ක්‍රියාවලිය අධීක්ෂණය, ඇගයීම සහ වාර්තා කිරීම.

 

මෙම බොත්තම ඔබා බලශක්ති කළමණාකරණ අයදුම්පත ලබාගන්න

මෙතැන ක්ලික්කර බලශක්ති කළමනාකරණ ගැසට් නිවේදනය ලබාගන්න

බලශක්ති කළමනාකරණ මාර්ගෝපදේශනය ලබාගැනීමට මෙතන ක්ලික් කරන්න

බලශක්ති විගණකවරුන් සඳහා පුහුණු වැඩසටහන් / පුහුණු සැපයුම් ආයතන ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත බාගත කිරීමට ක්ලික් කරන්න

පුහුණු වැඩසටහන් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත බාගත කිරීමට ක්ලික් කරන්න / බලශක්ති කළමනාකරුවන් සඳහා පුහුණු සැපයුම් ආයතන

පුහුණු වැඩසටහන් / වෙනත් බලශක්ති කළමනාකරණ වැඩසටහන් සඳහා පුහුණු සැපයුම් ආයතන ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත බාගත කිරීමට ක්ලික් කරන්න

call to action icon