දේශගුණය ඇත්තටම වෙනස් වෙනවා ද?
ඔව්, අනිවාර්යෙන් ම. අතීතයේ සිට ම පෘථිවියේ ස්වභාවය වෙනස් වෙමින් තිබුණු අතර වර්තමානයේ දීත් එය එසේම ය. නමුත් මෙයට විවිධ කාලවල විවිධ හේතු බලපෑවේය. අතීතයේ දී ස්වභාවික හේතූන් නිසා එසේ සිදු වූ නමුත් වර්තමානයේ දී මිනිස් ක්‍රියාකාරකම් නිසා පෘථිවිය වෙනස් වෙමින් ඇති බව විද්‍යාඥයන්ගේ පිළිගැනීම යි. ඔවුන්ට අනුව ලොව වටා සිදුවන සංවර්ධන කාර්යයන්වල දී අධික වශයෙන් හරිතාගාර වායූන් පරිසරයට මුදාහැරීම නිසා ඒ හරහා මෙසේ දේශගුණික විපර්යාස සිදුවේ.
හරිතාගාර වායූන් විසින් අවකාශයේ ඇති උෂ්ණත්වය වැඩි කරයි. කාබන්ඩයොක්සයිඩ් (CO2), මීතේන් (CH4), න්යිටුස්ඔක්සයිඩ් (N2O) සහ ෆ්ලොරිනිකෘත වායූන් ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමට ඉවහල් වන වායුගෝලයේ ඇති ප්‍රධාන වායූන් වේ.
කාබන්ඩයොක්සයිඩ් වාතයට එකතුවන්නේ ෆොසිල ඉන්ධන (තෙල්, ස්වභාවික ගෑස්, ගල් අඟුරු), ඝන අපද්‍රව්‍ය, ශාක සහ දැව නිෂ්පාදන පිළිස්සීම නිසා ය. හරිත ශාක මගින් ෆොටෝසින්තටික් උරාගෙන වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීමට ප්රභාසංෂ්ලේශණය උපකාරී වේ.
මීතේන් විමෝචනය සිදුවන්නේ සත්ත්ව පාලනය සහ අනෙකුත් කෘෂිකාර්මික ක්‍රියාකාරකම් නිසා සහ මහා නගර සභාවන්ට අයත් ඝන අපද්‍රව්‍යවලින් පිරී ගිය ඉඩම් සහ වතුරට යට වුණු වගාබිම් නිසා ය.
න්යිටුස්ඔක්සයිඩ් විමෝචනය සිදුවන්නේ කෘෂිකාර්මික සහ කාර්මික කාර්යයන් නිසා සහ ෆොසිල ඉන්ධන, ඝන අපද්‍රව්‍ය පිළිස්සීම නිසා ය.
විවිධ කාර්මික ක්‍රියාකාරකම් නිසා හයිඩ්රෝෆ්ලෝරෝ කාබන්, පර්ෆ්ලුරෝකාබන් සහ හෙක්සෆ්ලෝරයිඩ් වැනි ඉතාමත් බලවත් හරිතාගාර වායූන් විමෝචනය සිදුවේ.
ෆ්ලෝරිකරණය වූ වායූන් ඇතැම් විට ඕසෝන් ස්ථරයට හානිවීමට බලපායි. මෙම වායූන් සාමාන්‍යයෙන් විමෝචනය වන්නේ කුඩා පරිමාණයන්ගෙනි. ඒවා හරිතාගාර වායු ප්‍රභවයන් වන අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමට දායක වන (GWP) වායූන් ලෙස සලකයි.