සම්පත් ක්ෂයවීම සහ දිනෙන් දින ඉහළ යන බලශක්ති ඉල්ලුම දේශගුණික විපර්යාස සහ පාරිසරික විනාශයන් ඇති වීමට විශාල බලපෑමක් ඇති කරයි. බලශක්ති ඉල්ලුම ඉහළ යාමට ජනගහනය ඉහළ යාමත්, ජීවන තත්ත්වය උසස්වීමත් යන සාධක හේතුවෙයි.
මෙම අදහස පෙරදැරිව අප විසින් කර්මාන්ත සහ ක්ෂේත්රයන්ට තිරසාරත්වයෙන් යුතු බලශක්ති අනාගතයක් කරා ගමන් කිරීමටත්, ඒ සඳහා එක් වීමට වේදිකාවක් ලෙසත්, විශිෂ්ටත්වයේ කේන්ද්‍රයක් ලෙසත්, ප්‍රතිපත්ති සම්පාදකයකු ලෙසත්, තාක්ෂණය සම්පත් සහ දැනුම සපයන්නෙකු ලෙසත් කටයුතු කරයි.
ජල විදුලිය, සුළං බලය, ජෛව ස්කන්ධ සහ සුර්යය ශක්තිය තිරසාර සංවර්ධන කාර්යයට භාවිත කරමින් බලශක්ති ප්‍රවේශය, බලශක්ති සුරක්ෂිතතාවය සහ අවම කාබන් ප්‍රමාණයක් සනිටුහන් කරන දියුණුව කරා යාමට අප විසින් පූර්ණ සහයෝගය දක්වයි.
මෙරටේ පවතින දේශගුණික තත්ත්ව නිසා, ශ්‍රී ලංකාව විවිධ පුනර්ජනනය කළ හැකි බලශක්ති ප්‍රභවයන්ගෙන් පොහොසත් ය. ඒවායින් ඇතැම් ප්‍රභවයන් රටේ බලශක්ති අවශ්‍යතා සඳහා දුරාතීතයේ සිටම භාවිත කරයි. තාක්ෂණයේ දියුණුව සහ ආර්ථික වෙනස්කම් සමග අනෙක් ප්‍රභවයන් ද භාවිතය සඳහා සංවර්ධනය කිරීමේ ශක්‍යතාව පවතියි.
අප විසින් විවිධ කාර්යයන් කරගැනීම සඳහා විවිධ බලශක්ති ප්‍රභවයන් භාවිත කරමු. බලශක්ති ප්‍රභවයන් පුනර්ජනනය කළ හැකි සහ පුනර්ජනනය කළ නොහැකි අයුරින් කොටස් දෙකකි. පුනර්ජනනය කළහැකි සහ පුනර්ජනනය කළ නොහැකි බලශක්ති සම්පත් මූලික බලශක්ති ප්‍රභවයන් ලෙස හදුන්වන අතර එම සම්පත් විදුලි බලය සහ හයිඩ්රජන් වැනි ද්විතියික ශක්ති සම්පත්වලට පරිවර්තනය කිරීමට හැකිය.
පුනර්ජනනය කළ නොහැකි බලශක්ති සම්පත්
ශ්‍රී ලංකාවේ අප භාවිත කරන බලශක්තියෙන් විශාල කොටසක් ලබාගන්නේ පුනර්ජනනය කළ නොහැකි බලශක්ති ප්රභවයන්ගෙනි. එනම් ගල් අඟුරු, බොර තෙල්වලින් නිපදවන ඛනිජ තෙල් සහ ස්වභාවික වායු දියරයන් ය. මෙම සම්පත් පුනර්ජනනය කළ නොහැකි සම්පත් ලෙස හඳුන්වන්නේ ඒවායේ සැපයුම් සීමිත නිසාත් ඒ සම්පත් නැවත ඇතිවීමට මානව කාලපරාශයකදී නොහැකි වීම නිසාත් ය. ගල් අඟුරු, බොර තෙල්, ස්වභාවික වායු උත්පාදනය වන්නේ අවුරුදු මිලියන ගණනකට පෙර වළ දැමුණු ශාක කොටස්වලිනි.
පුනර්ජනනය කළ හැකි බලශක්ති ප්‍රභවයන්
පුනර්ජනනය කළ හැකි බලශක්ති ප්‍රභවයන් ගණයට ජෛව ඉන්ධන, ජලවිභවය, සුර්යය ශක්තිය සහ සුළං බලය ඇතුළත් ය. මේවා පුනර්ජනනය කළ හැකි බලශක්ති ප්‍රභවයන් ලෙස හඳුන්වන්නේ ස්වාභාවිකව මානව කාලපරාසයක් තුළ නැවත සම්පාදනය වීම නිසා ය.
ස්වභාවික ශක්තියක් භාවිත කළ හැකි ස්වභාවයට පත් කර ගැනීමට හැකි නම් එය බලශක්ති ප්‍රභවයක් ලෙස හඳුනා ගැනේ. ලෝකයේ විවිධාකාරයේ බලශක්ති ප්‍රභවයන් පවතියි. විවිධ රටවල් විවිධ බලශක්තීන් භාවිත කරයි. එම තෝරාගැනීමේ හැකියාව සහ ආර්ථික මුලධර්ම මත වෙනස් වේ. කෙසේ හෝ ස්වභාවික සහ දේශපාලනික හේතූන් ද රටේ බලශක්ති භාවිතයන් පිළිබඳව තීරණය කිරීමේ දී බලපෑම් ඇති කරයි.
දේශීය හෝ ගෝලීය වශයෙන් යම් බලශක්තියක් පැවතීම යන කාරණය පමණක් එය බලශක්ති සැපයුම් මුලාශ්‍රයක් ලෙස හඳුනාගැනීමට ප්‍රමාණවත් නොවේ. වඩා වැදගත් වන්නේ අනෙක් බලශක්ති ප්රභවයන්ට සාපේක්ෂව නව මූලාශ්‍ර ආර්ථික වශයෙන් ඵලදායී ද යන සාධකයයි. බලශක්ති ප්‍රභවයක් බලශක්ති සැපයුමක් බවට පරිවර්තනය කිරීමේ දී එකී බලශක්තිය භාවිත කළ හැකි ස්වරුපයට පත් කර ගැනීමට පවතින තාක්ෂණයද ඉතාමත් වැදගත් සාධකයකි.
තාක්ෂණයේ වෙනස්කම් සහ කාලයක් පුරාවට සම්පත් පැවතීම යන කරුණු මගින් යම් බලශක්තියක්, බලශක්ති සැපයුමක් බවට පත්කිරීමේ ආර්ථික සාධක වෙනස් වීමට බලපායි. එමනිසා රටක් විසින් බලශක්තිය සඳහා භාවිත කරන බලශක්ති මුලාශ්‍රද කාලයත් සමග වෙනස් වේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි, විවිධ ස්වරුපයන්ගෙන් බලශක්ති සම්පත් පවතී. ඒවා ආනයනය කර බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට හැකිය. මෙම අර්ථයෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් භාවිත කරන්නේ ඛනිජ තෙල් ය. ඉහළ යන ඛනිජ තෙල් මිල විසින් බලශක්ති උත්පාදනයට ගල් අඟුරු භාවිතයට සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්එන්ජි), ගල් අඟුරු ඇතැම් අවස්ථාවල ඛනිජ තෙල් වෙනුවට යොදාගැනීමට පොළඹවයි. වාණිජ මට්ටමින් ගෝලීය වශයෙන් සුලභ බලශක්ති සම්පත් පහත පරිදි වේ:
ඉතාමත් මෑතක දී නව බලශක්ති සැපයුම් තාක්ෂණයන් වන හයිඩ්රජන් වැනි ජෛව ඉන්ධන සහ බලශක්ති වාහකයන් සම්ප්‍රදායික තාක්ෂණයන්ට සහ හුවමාරුවන්ට විකල්පයක් සේ බිහි විය. බලශක්ති සැපයුම සඳහා මෙවැනි බලශක්තීන් භාවිත කිරීම ලංකාවේ තවමත් සීමාසහිත ය.
පහත වගුව මගින් ගෝලීය සම්පත් ලංකාවේ විවිධ කර්තව්‍යයන් සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය:
සම්පූර්ණ අන්තර්ගතය බැලීම සඳහා
ආනයනය කළ බලශක්ති ප්රභවය | සාමාන්‍යයෙන් භාවිත කරන කණ්ඩායම් | භාවිතයන් | වර්තමානයේ භාවිතයේ පරිමාණය |
---|---|---|---|
බොර තෙල් සහ එල්.පි.ජි ඇතුළු පිරිපහදු නිෂ්පාදන | ගෘහාශ්‍රිත | ආලෝකය සඳහා, ආහාර පිසීමට | පුළුල්ව පැතිර ඇත |
වාණිජ | හෝටල්, බේකරි | පුළුල්ව පැතිර ඇත | |
කර්මාන්ත | උදුන්, බොයිලේරු | පුළුල්ව පැතිර ඇත | |
ප්‍රවාහනය | රේල්, මාර්ග, ගුවන් සහ මුහුද | පුළුල්ව පැතිර ඇත | |
ගල්අඟුරු | දුම්රියමාර්ග | රේල් මාර්ග | නොසැලකිය හැක |
කර්මාන්ත | උදුන් | සිමෙන්ති කර්මාන්තය සහ කම්හල් | |
බොයිලේරු | දෙකක් හෝ කිහිපයක් | ||
බලශක්ති උත්පාදනය | බෝයිලේරුව | 300MW ඒකක තුනකි (900MW) |
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සහ අප රට ඇතුළතින් සොයා ගන්නා ෆොසිල ඉන්ධන සංචිත දේශීය බලශක්ති ප්‍රභවයන් ලෙස හඳුන්වයි.
අප රටේ දේශගුණික තත්ත්වයන් හේතුවෙන් අප රටට දායාද වූ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කිහිපයකි. අප ඉන්දියන් සාගරයෙන් වට වූ දුපතක් නිසා, මෝසම් සුළං පද්ධති දෙකකින් අපට වර්ෂාව ලැබේ. මේ දුපතේ ලක්ෂණ ලෙස පිහිටි ඒ නිරිත දිග මෝසම සහ ඊසාන දිග මෝසම යි. මධ්‍යම කඳුකරය, පහතරට කඳු පන්තිය, තැනිතලා සහ සානු මගින් වලාකුළු ඇති වීමට උදව් වෙයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 750 - 6000ත් අතර වැසි ජලය ගංගාවන්ට එකතු වේ. වර්ෂාපතනය ඇතුළු අනෙකුත් නිවර්තන කලාපීය ලක්ෂණයන් නිසා ඉහළ ඝනත්වයෙන් යුත් ශාක පද්ධතියකින් ශ්‍රී ලංකාව පොහොසත් ය. එම නිසා මෙරට තුළ ජෛව ස්කන්ධ බහුලය. ශ්‍රී ලංකාව සමකය ආසන්නව පිහිටා ඇති නිසා වසර පුරා ම සුර්යය විකිරණය මානව ලැබෙයි.
නිවර්තන කලාපීය උෂ්ණත්වය සහ සාගරයෙන් වට වී දූපතක් ලෙස පිහිටා තිබීම නිසා ශ්‍රී ලංකාවට මෝසම් සුළං බලපෑම පවතියි. මෙම තත්ත්වයන් නිසා රට තුළ ප්‍රමාණවත් ලෙස පුනර්ජනනීය බලශක්ති පදනමක් ඇත.
මෙම ඇතැම් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඉතාමත් පුළුල් ලෙස රටේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමට සංවර්ධනය කර ඇත. දියුණු තාක්ෂණය සහ ආර්ථික කරුණු ප්රශස්ත වූ දිනෙක අනෙකුත් බලශක්ති මුලාශ්‍ර ද භාවිතයට ගත හැකි ලෙස සංවර්ධනය කළ හැකිය. ශ්‍රී ලංකාවේ ඇති බලශක්ති මුලාශ්‍ර අතරින් පහත ඒවා ප්‍රධානය.
ඉහත සඳහන් දේශීය බලශක්ති මුලාශ්රවලට අමතරව ශ්‍රී ලංකා විශේෂිත ආර්ථීක කලාපයේ ඇති ෆොසිල ඉන්ධන නිධි විමර්ශනය කර ඇති අතර ගැඹුරු දියේ ස්වභාවික වායුව වයඹ දිග වෙරළ තීරයෙන් සොයා ගෙන ඇත.
ජල විදුලිය යනු ශත වර්ෂයකටත් වැඩි කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ බලශක්තිය ජනනය කළ තාක්ෂණික ක්රමවේදයකි. සම්ප්‍රදායික බලශක්ති උත්පාදන ක්‍රමයක් ලෙස සැලකෙන ජල යෝජනා ක්රමවලදී සාමාන්‍යයෙන් වේල්ලකට සහ ජලාශයකට ජලය ගබඩා කරයි. කෙසේ නමුත් එවැනි ක්‍රම තව දුරටත් යොදාගැනීමට හැකියාවක් නොමැත. එමනිසා නව බලශක්ති උත්පාදන ක්‍රම පිළිබඳව අප උනන්දුය. කුඩා ජල විදුලි බලාගාර, සුළං විදුලි උත්පාදනය සහ සුර්යය බලශක්ති ව්‍යාපෘති පිළිබඳව සැලකිය යුතු අවධානයක් ලැබේ. මෙවැනි ක්‍රම නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ලෙස හඳුන්වයි. මන්ද ඒවා අතීතයේ සම්ප්‍රදායික ක්‍රමවල දී භාවිත වූයේ නැති නිසාය. එදා සිට අද දක්වා ම ජෛව ස්කන්ධ, සුර්යය ශක්තිය සහ සුළං බලය යොදාගත්තේ මිනිසුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා ය. ජෛව ස්කන්ධ සහ සුළං බලය ආහාර පිසීමට සහ කෘෂිකර්මයට අදාළ යම් යම් කටයුතුවල දී භාවිත විය. එහිදී ද සුළං භාවිත වූයේ ඉතාමත් අඩු වශයෙනි.
කාර්මන්තශාලාවක යම් කාර්යයක් සඳහා සුළං බලය යොදාගත් පළමු රට වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී භාවිත කළ යකඩ උණුකරන උදුන යි.
පහත වගුවේ දැක්වෙන ආකාරයට, විවිධ පුනර්ජනනීය බලශක්ති සම්පත් සඳහා විවිධ භාවිතයන් ඇත.
දේශීය බලශක්ති ප්රභවය | සාමාන්‍ය පරිශීලක කණ්ඩායම් | සාමාන්‍ය යෙදුම් | 2017 අවසන් වන විට භාවිතා කරන ප්‍රමාණය |
---|---|---|---|
ජෛව ස්කන්ධය | ගෘහස්ත | පිසින | පැතිර ඇත |
වෙළඳ | හෝටල්, බේකරි | පැතිර ඇත | |
කර්මාන්තය | තේ වියලීම, ගඩොල් සහ ටයිල් | පැතිර ඇත | |
වාෂ්ප උත්පාදනය | වර්ධනය වෙමින් පවතී | ||
පෞද්ගලික විදුලි බලාගාරය | උපයෝගිතා සඳහා විකිණීමට | බලාගාර 10 ක් | |
පුද්ගලික පරිභෝජනය | ගම්මාන සහ කර්මාන්තශාලා කිහිපයක් | ||
ජල විදුලිය | විදුලිබල උපයෝගීතාව විශාල බහුකාර්ය පද්ධති සතු විය | සිල්ලර ගනුදෙනුකරුවන් සඳහා | ප්‍රධාන විදුලි බලාගාර |
වාණිජ ජාලය සම්බන්ධතා | උපයෝගිතා සඳහා විකිණීමට | බලාගාර 182 ක් | |
ග්‍රාමීය මට්ටමේ විදුලිය විසන්ධි කිරීම | ගෘහස්ථ භාවිතය | ග්‍රිඩ්-සම්බන්ධිත මාදිලියෙන් ක්‍රියාත්මක වන බලාගාර කිහිපයක් ඇති මුත්, බොහෝමයක් දැන් භාවිතයට නුසුදුසු වේ | |
කාර්මික විදුලිබල විසන්ධි කිරීම | තේ කර්මාන්තය | බලාගාර කිහිපයක් | |
කාර්මික යාන්ත්‍රික ධාවක | තේ කර්මාන්තය | ඉතිරි එකක් හෝ දෙකක් නොසැලකිය හැක | |
සූර්ය බලශක්තිය | සූර්ය ප්‍රකාශ වෝල්ටීයතාව | Rooftop systems | ස්ථාපිත 10,389 |
සූර්ය ප්‍රකාශ වෝල්ටීයතාව | ගෘහස්ත ආලෝකකරණය | තවදුරටත් විශාල සංඛ්‍යාවක් වාර්තා වී නැත. | |
ග්‍රිඩ් සම්බන්ධිත PV | උපයෝගිතා සඳහා විකිණීමට | බලාගාර 08 ක් | |
සූර්ය තාප | වාණිජ හා දේශීය අංශවල උණුසුම් ජල පද්ධති | පැතිර ඇත | |
අවිධිමත් භාවිතය | ගෘහස්ථ හා කෘෂිකාර්මික භාවිතය | පැතිර ඇත | |
Wind Power | Grid Connected Wind | සිල්ලර ගනුදෙනුකරුවන් සඳහා | බලාගාර 15 ක් |
Off-grid power plants | For residential use | දුසිම් කිහිපයක් ඇති මුත්, බොහෝමයක් භාවිතයට නුසුදුසු වේ | |
Water pumping | Agriculture | දුසිම් කිහිපයක් ඇති මුත්, එකක් හෝ දෙකක් භාවිතයට සුදුසු වේ |
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
72, ආනන්ද කුමාරස්වාමි මාවත
කොළඹ 07
ශ්‍රී ලංකා.