ජාතික බලශක්ති සම්මන්ත්රණයේ පරමාර්ථය වන්නේ පර්යේෂණ හා සංවර්ධන ආශ්රිත මැදිහත්වීම් ජාතික ප්රමුඛතා සමඟ පෙළගැස්විය හැකි ඉහළ මට්ටමේ සංවාදයක් පැවැත්වීමයි. තිරසාර බලශක්ති සංවර්ධනය යටතේ ඇති අරමුණු භාවිතා කිරීම සඳහා කර්මාන්තකරුවන්, පර්යේෂකයින් සහ ශාස්ත්රාලිකයින් අතර තිරසාර බලශක්ති පර්යේෂණ හා සංවර්ධන කටයුතු පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයකට එය පහසුකම් සපයයි.
ජාතික බලශක්ති සම්මන්ත්රණය සහ නවෝත්පාදන සංසදය 2019 දෙසැම්බර් 13 සහ 14 යන දෙදින තුළ BMICH සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.
සම්මන්ත්රණය සඳහා අදාළ ප්රකාශන මෙතැනින් ලබා ගත හැක.
විදුල්කා බලශක්ති ප්රදර්ශනය මගින් බලශක්ති කාර්යක්ෂමතාවය යන විෂයය මහජනතාවට ප්රයෝගික අත්දැකීමක් බවට පත් කිරීමට හැකි විය. පාරිභෝගිකයන්ට සහ අනෙකුත් උනන්දුව දක්වන පාර්ශවයන් හට වීඩියෝ, අන්තර් ක්රියාකාරී ප්රදර්ශන භාණ්ඩ සහ එයට ම අදාළ නිෂ්පාදන ඉදිරිපත් කරන ප්රදර්ශනයකි.එහි හදවත වන්නේ සිවු අදියර ප්රවේශයයි. එමගින් බුද්ධිමය සැලැස්මේ අන්තර් ක්රියාකාරිත්වය, බලශක්ති කාර්යක්ෂම නිෂ්පාදන සහ විසදුම්, තිරසාර සේවා සහ මනා පුහුණුව පිළිබඳව අත්දැකීම් ඉදිරිපත් කෙරේ.
විදුල්කා බලශක්ති ප්රදර්ශනය මගින් බලශක්ති ක්ෂේත්රයේ සංවිධානයන්ට, උපකරණ සැපයුම්කරුවන්ට, නිෂ්පාදකයන්ට, නවෝත්පාදකයින්ට ශාස්ත්රාලිකයන්ට තාක්ෂණික ක්රම, බලශක්ති නිෂ්පාදන සහ සේවා මෙන්ම බලශක්ති විෂයය පිළිබඳව උනන්දු සැමට සම්බන්ධ වීමට ද අද්විතීය අවස්ථාවක් ලබාදෙයි.
මෙම ප්රදර්ශනය නිර්මාණය කර ඇත්තේ: