බලශක්ති කාර්යක්ෂමතාවය අත්පත් කර ගැනීමේදී විදුලි උපකරණ ලේබල්කරණය ඉතාමත් වැදගත් කාර්යයකි. බලශක්ති කාර්යක්ෂමතාවයට ඍජුවම දායකවන කරුණු 2කි.
ඒවා නම් උපකරණවල බලශක්ති කාර්යක්ෂමතාවය සහ උපකරණ කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම යි.
පනතේ 35 වගන්තියේ (ඩී) සහ (ඉ)ට අනුව උපකරණ සහ උපාංගයන්ගේ බලශක්ති කාර්යක්ෂමතා කර්යයසාධනය වැඩි කිරීමේ දී උපකරණ ලේබලකරණ ඩසටහනේ දී සාමාන්‍යයෙන් පහත දැක්වෙන අනුපූරක මෙවලම්වලින් එකක් හෝ කිහිපයක් යොදාගනියි:
මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස සංයුක්ත ප්‍රතිදීප්ත පහන් (සීඑෆ්එල්) සඳහා බලශක්ති ලේබල්කරණය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි. සිවිලින් විදුලි පංකා සඳහා ලේබල්කරණ වැඩසටහන ඉදිරි මාස කිහිපයේ දී දියත් කිරීමට අපේක්ෂා කෙරේ. එල්ඉඩී බල්බ සඳහා අවම බලශක්ති කර්යසාධන ලේබලය හඳුන්වා දී ඇති අතර එය දැනට ස්වෙච්ඡා මට්ටමින් ක්‍රියාත්මක ය.
එල්ඉඩි පහන් සඳහා අනිවාර්යය ලේබලකරණ රෙගුලාසි ඉදිරි මාස කිහිපය තුළ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 2019 වර්ෂයේ මුලභාගයේදී පරිගණක සදහා ස්වෙච්ඡා ලේබලකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි විය.
රේඛීය ප්‍රතිදීප්ත පහන්, තුලබරු, විදුලි මෝටර්, ශීතකරණ, වායුසමන යන්ත්‍ර සහ එල්ඉඩි පුවරු පහන් බලශක්ති ලේබල්කරණ වැඩසටහනට ඇතුළත් ය.
දැනට අප නිරතවන ක්‍රියාකාරකම්:
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
72, ආනන්ද කුමාරස්වාමි මාවත
කොළඹ 07
ශ්‍රී ලංකා.