සරලව, බලශක්ති කාර්යක්ෂමතාවය යනු අවම බලශක්ති යෙදවිමකින්, නාස්තියකින් තොරව යම් කාර්යයක් සිදුකිරීමයි. බලශක්ති කාර්යක්ෂමතාවයේ ප්රතිලාභ රාශියකි. එනම් ගෘහාශ්‍රිත සහ සමස්ත ආර්ථිකයේම වියදම් අවමවීම, බලශක්ති ආනයනය අඩුවීම සහ හරිතාගාර වායු විමෝචනය අවම වීමයි. පුනර්ජනනීය බලශක්තිය මගින් මෙකී ප්රතිලාභ අත්කරගත හැකි වුවද, ෆොසිල ඉන්ධන භාවිතය අඩුකර ගැනීමට වඩාත් ක්ෂණික සහ අඩු පිරිවැයකින් ලබාගත හැකි පිළිතුර වන්නේ බලශක්ති කාර්යක්ෂමතාවයයි. ප්‍රවාහනය, ගොඩනැගිලි, කර්මාන්ත, බලශක්ති සැපයුම යනාදී කුමන ක්ෂෙත්රයක වුවද කාර්යක්ෂමතාවය ඉහළ දැමීමට හැකි අප්‍රමාණ අවස්ථා ඇත. අන්තර්ජාතික බලශක්ති නියෝජිතායතනයට අනුව (2017), බලශක්ති කාර්යක්ෂමතා තාක්ෂණවේදයන් මගින් වසර 2020 වනවිට කාබන් දහනය අවම කරගැනීමේ හැකියාව පවතී.
ගෝලීය කාබන් ප්‍රමාණය අවම කරගැනීමට බලශක්ති කාර්යක්ෂමතා තාක්ෂණවේදයන්ගේ දායකත්වය දළ වශයෙන් 34% කි. එය පුනර්ජනනීය මුලාශ්‍රයන් හා සැසඳූ විට 15%කි. මෑතකදී හඳුන්වාදුන් ඇතැම් පිරිසිදු බලශක්තීන්ගේ දායකත්වය බලාපොරොත්තු සහගතය. නමුත් බොහෝ තාක්ෂණවේදයන්ගෙන් උපරිම ප්‍රතිඵල අත්කරගෙන, තිරසාර බලශක්තියෙන් යුතු අනාගතයක් ළගාකර ගැනීමට විශාල වෑයමක් අවශ්‍ය වේ. මෙම ජයග්රහණයන්ට අමතරව ලොවපුරා බිලියන 1.2ක ජනගහනයකට සැපයීමේ අභියෝගය ජයගත යුතුව ඇත විදුලිබලය. එමෙන්ම බිලියන 2.7කට ආහාර පිසීම සදහා විධිමත්ව බලශක්ති සම්පාදනය සිදු නොවේ. හරිතාගාර වායු විමෝචනය කිරීමේ ප්‍රධාන ප්රභවය ලෙස බලශක්ති ක්ෂේත්රය හඳුනාගෙන ඇති අතර එය සමස්ත ගෝලීය විමෝචනයෙන් තුනෙන් දෙකකි. එපමණක් නොව වසරකට මිලියන 6.5ක් වන නොමේරූ ළදරු මරණයන්ට හේතුවන වායු දූෂණය සිදුවීමට මූලික වශයෙන් බලපාන්නේද බලශක්ති ක්ෂේත්රයයි.
එමනිසා, වසර 2020 වනවිට කාබන් අවම තත්වයක් ලඟාකර ගැනීමට නම් කාර්යක්ෂම තාක්ෂණ යෙදවීමේ ප්‍රතිපත්තිමය පියවර සහ ආයෝජනයන් සිදුවිය යුතුය. තිරසාර බලශක්ති සැපයුමක් ස්ථාපිත කරගැනීමට සෑම රටක්ම තමන්ට ආවේණිකවූ මාර්ගයක් තනාගත යුතුය. ඒ අනුව ශ්‍රී ලංකාව නිවැරදි ලෙස තම බලශක්ති සැලසුම දියත්කර ඇත. බලාපොරොත්තු තැබිය හැකි නව තාක්ෂණික ක්‍රම 10ක් හඳුන්වා දෙමින්, තම බලශක්ති කාර්යක්ෂමතා ඉලක්ක සපුරාගැනීමට ශ්‍රී ලංකාව අවධානය යොමුකර ඇත.
ඔව්, මූලිකවම එයට හේතු සාධක 3කි.
පළමුකොට ජනගහන ගතික ප්‍රවණතාය. ලෝක ජනගහණය වසර 2020 වන විට බිලියන 7.5 වීමට නියමිතය, වසර 2020වන විට මෙගා සිටීස් ලෙස හඳුන්වන සුවිශාල නගර 27ක් ඇතිවීමට නියමිතය. මෙම එක් නගරයක ජනගහනය මිලියන 10 ඉක්මවයි. මේ හේතුවෙන් බලශක්ති පරිභෝජනයද සැලකිය යුතු ප්රවානයකින් ඉහළ යයි. දෙවෙනුව බලශක්ති මුලාශ්‍රයන් බහුල නමුත් ඒවා බෙදීයාමේ විෂමතාව හඳුනා ගත හැක. සමස්ත ගෝලීය ඉන්ධන සහ ගෑස් ප්‍රමාණයෙන් 70% සංචිත ඇත්තේ රටවල් කිහිපයක පමණි. ඒ හේතුවෙන් ඇතිවන මිල උච්චාවචනය මගින් තව තවත් බලශක්ති කාර්යක්ෂමතාවය පිළිබඳව උනන්දු කරවයි.
බලශක්ති අර්බුදයට බලපාන තුන්වන හේතුව වන්නේ දේශගුණික විපර්යාසයි.
දේශගුණික වෙනස්කම් නිසා පිරිසිදු බලශක්තියට ඇති ඉල්ලුම වැඩිවෙයි. අන්තර්ජාතික බලශක්ති නියෝජිතායතනයට අනුව විදුලිබල ක්ෂේත්රයේ බලශක්ති ඉතිරිකිරීම්වලින් පමණක් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වසර 2050 වන විට ගිගාටෝන් (Gt) 7.3කින් අඩුකරගත හැකිවේ. එය මානව වර්ගයා විසින් අඩු කිරීමට නියමිත සමස්ත විමෝචනයෙන් 17%ක් ප්රමාණයකි.
අපගේ විශ්වාසය නම් බලශක්ති භාවිතය විමසිලිමත්ව අධීක්ෂණය කොට, පාලනය කිරීමෙන් සහ එය සංරක්ෂණය කිරීමෙන් උපයෝගිතා පරිභෝජනය සහ සමස්ත වියදම් වෙනත් කැපකිරීමකින් තොරවම පහත දැමීමට හැකියාව ඇති බවයි. එවැනි බලශක්ති කාර්යක්ෂමතා කළමනාකරණ තාක්ෂණික ක්‍රම මගින් විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් ක්‍රියාත්මක කළ හැකිය.
බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීම් සහ සුරක්ෂණය (EEI&C) පිළිබඳ 2004 වර්ෂයේ දී සිදුකළ ඇගයීමකට අනුව රු. බිලියන 11 ආයෝජනයකින් වසරකට පහසුවෙන් ම රු. බිලියන 3 වටිනා බලශක්තියක් පහසුවෙන්ම මෙරටට ඉතිරි කර ගැනීමේ හැකියාව ඇති බව සටහන් විය. අප විසින් විශිෂ්ට බලශක්ති කළමනාකරණ විධික්රම සමග නව උපායමාර්ග 10ක් හඳුනාගෙන ඇත. එමගින් වාණිජ, කාර්මික සහ ගෘහස්ත ක්ෂෙවල බලශක්ති සංරක්ෂණය ළඟා කර ගත හැකිය.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
72, ආනන්ද කුමාරස්වාමි මාවත
කොළඹ 07
ශ්‍රී ලංකා.